පාරිසරික අධ්‍යනයන්ට සහ පරිසර දූෂණයට විසඳුම් සෙවීමට ත්වරක භාවිතය.

බැර ලෝහ සහ අනෙකුත් විෂ රසායනික ද්‍රව්‍ය වාතය, ජලය සහ පස දූෂණය කළ හැකි අතර,  එමඟින් ශාක හා සත්ව විශේෂවලට හානි සිදු කරයි. එවැනි මූල ද්‍රව්‍ය පිළිබඳව විද්‍යාඥයන් විසින් විවිධ පර්යේෂණ සිදු කරයි. තෝරාගත් ද්‍රව්‍යවල මතුපිට සංයුතිය, ව්‍යුහය හෝ වෙනත් ගුණාංග විශ්ලේෂණය කිරීම හෝ වෙනස් කිරීම සඳහා ආරෝපිත අංශු කදම්භ භාවිත කිරීමෙන් ත්වරක මෙයට දායක වේ.

IAEA හි න්‍යෂ්ටික උපකරණ භෞතික විද්‍යාඥ Roman Padilla ට අනූව, “ත්වරක පාදක ශිල්පීය ක්‍රම අද්විතීය හැකියාවන් ලබා දෙන අතර වේගවත්, විනාශකාරී නොවන සහ ලාභදායී ආකාරයෙන් පරිසර දූෂණය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.

එමෙන්ම, පරිසරය අවබෝධ කර ගැනීම සහ වැඩිදියුණු කිරීම සඳහා භාවිත කරන අංශු ත්වරක වීවිධ හැඩ සහ ප්‍රමාණ වලින් ඇති අතර, විශේෂයෙන් ත්වරක මත පදනම් වූ අයන කදම්භ ක්‍රම මගින් පස, අවසාදිත, ජෛව, ජලය හෝ සියුම් වායු අංශු සාම්පල සංරක්ෂණය කිරීමට දායක වේ.

පාරිසරික නිරීක්ෂණ වලින් සාම්පල වල ගුණාංග අධ්‍යනය සඳහා බහුලව භාවිත වන්නේ  විද්‍යුත් ස්ථිතික ත්වරණකාරකය යි.

තවද, අයන කදම්භවලට වඩා වෙනස් ඉලෙක්ට්‍රෝන කදම්බ, අප ජලය හෝ ප්ලාස්ටික් පිරිපහදු කිරීම සඳහා භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස, රසායනික හා ජීව විද්‍යාත්මක ප්‍රතිකාර වැනි සාම්ප්‍රදායික ජල පිරිපහදු තාක්ෂණයන්ට වඩා ඉලෙක්ට්‍රෝන කදම්බ තාක්ෂණය කාර්යක්ෂම වේ. උදාහරණයක් ලෙස, චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වෛද්‍ය අප ජලය විෂබීජහරණය කිරීමට සහ ප්‍රතිජීවක දිරාපත් කිරීමට ඉලෙක්ට්‍රෝන කදම්භ තාක්ෂණය භාවිත කරයි.

සින්ක්‍රොට්‍රොන් ත්වරක, මූලද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමට, ඒවායේ ව්‍යාප්තිය සිතියම් ගත කිරීමට සහ ඒවායේ රසායනික ගුණාංග තීරණය කිරීමට විශේෂඥයින්ට උපකාර කරයි. X-කිරණ පරීක්ෂණයක් ලෙස භාවිතයෙන්, මෙම ත්වරක පතල් කැණීම් සහ කාර්මික ක්‍රියාවලීන්හි යෙදවිය හැකිය. නිදසුනක් ලෙස, පතල් කැණීමේදී, ලෝහ හෝ ඛනිජවල චලනය හෝ දියවීම වැනි අනාගත හැසිරීම්  අවබෝධ කර ගැනීමට හැකි වේ.

පාරිසරික අධ්‍යනයන්ට සහ පරිසර දූෂණයට විසඳුම් සෙවීමට ත්වරක භාවිතය පිළිබඳ පහත IAEA යොමුව ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

https://www.iaea.org/bulletin/understanding-the-environment-and-addressing-pollution-using-accelerators