SLSTINET  ජාලය ඔස්සේ පුස්තකාල තොරතුරු හුවමාරුව පිළිබඳව පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිලධාරින්  දැනුවත් කෙරේ ….

SLSTINET  ජාලය ඔස්සේ පුස්තකාල තොරතුරු හුවමාරුව පිළිබඳව පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිලධාරින්  දැනුවත් කෙරේ ....

ශ්‍රී ලංකාවේ අනෙකුත් පර්යේෂණ ආයතන වල සිදු කෙරෙන  විද්‍යාත්මක පර්යේෂණ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දීම අරමුණු කර ගෙන, විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයේ තොරතුරු ප්‍රවර්ධන ඒකකය විසින් ජාතික විද්‍යා පදනම සමග සම්බන්ධ වී සිය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.02.24 දින ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී, එහි සභාපති මහාචාර්ය S R D රෝසා මහතාගේ මුලිකත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි.  ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ හා නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ නිලධාරීන් online ක්‍රමවේදය ඔස්සේ මෙම වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ  ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනමේ ප්‍රධාන තොරතුරු නිලධාරී හා ජාතික විද්‍යා පුස්තකාලයේ හා සම්පත් මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී,  මනුජ කරුණාරත්න මහතා ඇතුලු ජාතික විද්‍යා පදනමේ නිලධාරීන් විසිනි. මෙහිදී ශ්‍රී ලංකාවේ අනෙකුත් විද්‍යාත්මක පුස්තකාල සමග සම්බන්ධවී පොත්පත් හා පර්යේෂණ තොරතුරු ලබාගැනීමට (SLSTINET- ජාලය මඟින්)  පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිලධාරීන්ට අවස්ථාව උදා  කර දීම පිළිබඳ අවධානයට යොමු විය. තවද ප්‍රධාන දේශනයෙන් අනතුරුව, දැනට නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයෙහි පිහිටුවා ඇති ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ප්‍රධාන පුස්තකාලයද නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය. ඉදිරියේදී ජාතික විද්‍යා පදනම හා පරමාණුක බලශක්ති මණ්ඩලය එක්ව විද්‍යාත්මක තොරතුරු කාර්යක්ෂමව හුවමාරු කිරීමේ කටයුතු වැඩිදියුණු කිරීමට යෝජිතය.