ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි ජෛව විද්‍යාත්මක අංශය මඟින් ක්‍රියාත්මක කරන ෆූරියර්-පරිවර්තන අධෝරක්ත වර්ණාවලීක්ෂ සේවාව (FTIR – ATR)

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි ජෛව විද්‍යාත්මක අංශය මඟින් ක්‍රියාත්මක කරන ෆූරියර්-පරිවර්තන අධෝරක්ත වර්ණාවලීක්ෂ සේවාව (FTIR – ATR)
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි ජෛව විද්‍යාත්මක අංශය මඟින් ෆූරියර්-පරිවර්තන අධෝරක්ත වර්ණාවලීක්ෂ සේවාව (Fourier transform infrared spectroscopy – attenuated total reflectance [FTIR – ATR]) නවතම සේවාවක් ලෙස ක්‍රියාත්මක කර තිබේ.
මෙම සේවාව මඟින් ඕනෑම පාරිභෝගිකයෙකුට සපයනු ලබන ඝන හෝ ද්‍රව නියදීන්හි අධෝරක්ත වර්ණාවලීන් විශ්ලේෂණය කර එයට අදාලව ආයතනය මඟින් සහතික කළ වාර්තාවක් ලබා ගත හැකිය. එසේම මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් ව්‍යාපෘති හා පර්යේෂණයන්හි නියැලෙන්නන් හට, ඖෂධ නිෂ්පාදන ආයතන හා අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර නියාමන ආයතනයන් හට මෙය මහගු අවස්ථාවක් වන අතර මෙමගින්
- රසායනික ද්‍රව්‍යන් හඳුනාගැනීම.
- ඖෂධ නිෂ්පාදනයේදී යොදා ගැනෙන අමු ද්‍රව්‍යන් හදුනා ගැනීම.
- බහු අවයවිකයන්හි ක්‍රියාකාරී කාණ්ඩ හදුනා ගැනීම.
- සහල් , තේ වැනි ආහාර ද්‍රව්‍යන්හි භූ ගෝලීය සම්භවය සත්‍යාපනය කිරීම.
වැනි පර්යේෂණ සිදු කර ගත හැක.
ඕනෑම සාම්පලයක් පරික්ෂා කර විශ්ලේෂණය සඳහා රු : 3000/= මුදලක් අය කරන අතර, පහතින් දක්වා ඇති සම්බන්ධක තොරතුරු හරහා මෙම සේවාව පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගත හැකිය.
තිලිණි අමල්කා මෙනවිය
විද්‍යාත්මක නිලධාරිනි, ජෛව විද්‍යාත්මක අංශය,
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය,
thilini@aeb.gov.lk