න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිතයේ හදිසි සූදානම සහ ප්‍රතිචාර දැක්වීම (Emergency Preparedness and Response) සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය මඟින් ප්‍රකාශිත තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය

න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය  භාවිතයේදී හදිසි සූදානම සහ ප්‍රතිචාර දැක්වීමට වෙබ් පාදක මෙවලම් සහිත තොරතුරු පද්ධතියක් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) මඟින් සාමජික රටවල් සඳහා හඳුන්වා දී ඇති අතර, මෙහි න්‍යෂ්ටික බලය පිළිබඳ දත්ත ගබඩාවක් ද (Data Base) අඩංගු වේ.

මෙම පද්ධතියෙහි අරමුණ වන්නේ, සාමාජික රටවල පරිශීලකයින්ට හදිසි සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ (EPRIMS) පද්ධතියට ප්‍රවේශ වීමේ සහ පද්ධතිය භාවිත කිරීම සඳහා විස්තීර්ණ මාර්ගෝපදේශ ලබා දීම, පුහුණු සහ වැඩමුළු සංවිධානය කිරීමයි.

මෙම මාර්ගෝපදේශය තුළ, EPRIMS පද්ධතියෙහි සෑම කොටසක්ම ආවරණය වන පරිදි විස්තරාත්මකව හා පියවරෙන් පියවර උපදෙස් සපයා ඇත. “EPRIMS හි දළ විශ්ලේෂණය” කොටසෙන් ස්වයං-ඇගයීමේ ක්‍රියාවලිය පිලිබඳ සාරාංශයක් ලබා දෙයි.  එමෙන්ම “EPRIMS වෙත ප්‍රවේශ වීම” කොටස මඟින් පද්ධතියට ප්‍රවේශ වීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පියවර සහිතව පැහැදිළි කරයි.

පහත යොමුව ඔස්සේ පිවිස මෙම තොරතුරු පද්ධතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

https://www.iaea.org/publications/13462/emergency-preparedness-and-response-information-management-system-eprims