උසස් පෙළ භෞතික විද්‍යා සිසුන්ට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙන් විෂය අත්වැලක්..

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයෙහි, තොරතුරු ප්‍රවර්ධන ඒකකය මඟින් 2023 ජනවාරි මාසයේදී උසස් පෙළ භෞතික විද්‍යා සිසුන් සඳහා පදාර්ථ හා විකිරණ පිළිබඳ විෂයානුබද්ධ වැඩසටහන් දෙකක් පවත්වන ලදී. ඉන් පළමු වැඩසටහන 2023.01.10 දින නුගේගොඩ  SASIP ආයතනයේදී පැවැත්වුණු අතර, මෙම ප්‍රායෝගික වැඩමුළුව සඳහා සිසුන් 350ක් භෞතිකව සහභාගී වූ අතර, Facebook හා You Tube සමාජ ජාල හරහා සජීවී විකාශය ඔස්සේ සිසුන් 1000 ක් පමණ ද සම්බන්ධ විය. ජනවාරි මස දෙවන වැඩසටහන 2023.01.12 දින පානදුර අගමැති බාලිකා මහා විද්‍යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා එම විද්‍යාලයීය හා පානදුර අවට පාසල්වල සිසුන් 350 ක් ද, ගුරුවරුන් 15 ක් පමණ ද, සහභාගී විය. පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි සභාපති මහාචාර්ය රෝසා මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ එම වැඩසටහන් වලට සහභාගී වෙමින් “උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද?” යන මැයෙන් දේශනයක් ද පවත්වන ලදී.

න්‍යෂ්ටික විද්‍යා විෂයට සමගාමීව අධ්‍යාපනික වශයෙන් ඔබගේ දැනුම පුළුල් කර ගෙන සාර්ථක ලෙස විභාග ඉලක්ක ජය ගැනීමට මෙවන් වැඩසටහනක් සංවිධානය කිරීමට ඔබත් අදහස් කරන්නේ නම් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයෙහි අධ්‍යක්ෂක ජෙනරාල් වෙත ඉල්ලීමක් සිදු කර එම අවස්ථාව උදා කර ගත හැකි අතර,  තොරතුරු හා ප්‍රවර්ධන ඒකකයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියංග රත්නායක මහතා සම්බන්ධ කර ගැනීමෙන් වැඩි දුර තොරතුරු ලබා ගත හැකිය.

priyanga@aeb.gov.lk

071 – 0677090