අධ්‍යක්ෂක ජෙනරාල්

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

T.M.R. තෙන්නකෝන්

අධ්‍යක්ෂක ජෙනරාල් තුමාගේ පණිවිඩය

"ජාතික සංවර්ධන ප්‍රමුඛතා ළඟාකර ගැනීම උදෙසා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය"

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය දශක පහක පමණ කාලයක් තිස්සේ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සාමකාමිව භාවිතා කිරීම උදෙසා  රටට අවශ්‍ය  පුරෝගාමීත්වය  සහ සහාය ලබා දී ඇත. ගතවූ කාලය තුළ රටේ හැකියාවන් සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලාංකිකයින්ගේ  දෛනික ජීවිතය සහ යහපැවැත්ම වැඩි දියුණු  කිරීම සඳහා මුලික න්‍යෂ්ටික දැනුම වර්ධනය කිරීමේ සිට පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍රයන්හි න්‍යෂ්ටික විද්‍යාවේ සාමකාමී යෙදීම් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙම කාලය තුළ ජාතික සංවර්ධන ප්‍රමුඛතා සාක්ෂාත් කර ගැනීම උදෙසා අපට දායකවීමට හැකි වීම සතුටට කාරණයකි. අද වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය  කොළඹ, කැලණිය සහ බියගම යන මෙහෙයුම් සිදුකරන ස්ථාන තුනකින් සමන්විත, හොඳින් අතු ඉති විහිදී ගිය ස්ථාවර ආයතනයකි. විවිධ න්‍යෂ්ටික  යෙදුම් පිළිබඳව  විශේෂඥ දැනුමෙන් යුත්  158  දෙනෙකුට  අධික  කාර්ය මණ්ඩලය, නවීනතම  විද්‍යාගාර පහසුකම් යොදා ගනිමින්, ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව විවිධ සේවාවන් රාශියක් සපයනු ලබයි. සේවා සැපයීම හා මෙරට තුල න්‍යෂ්ටික තාක්ෂණ ධාරිතාවය නංවාලීමට අමතරව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතන‍යේ  (IAEA) මෙරට  නියෝජිතයා  ලෙස දේශීය මෙන්ම විදේශීය විවිධ ආයතන සහ පුද්ගලයන් සමඟ යහ සම්බන්ධතා ඇතිකරගැනීම,  දැනුම හුවමාරු කර ගැනීම සහ හවුල්කාරීත්වයන් ඇතිකරගැනීම උදෙසාද   ශ්‍රී ලංකා  පරමාණුක බලශක්ති මණ්ඩලය ක්‍රියාකරයි.

ශ්‍රී ලංකා  පරමාණුක බලශක්ති මණ්ඩලය ජාතික සංවර්ධනයට දායක වන අතරම තිරසාර සංවර්ධන ඉලක්ක  සාක්ෂාත් කර ගැනීම උදෙසා කැපවීමෙන් කටයුතු කරයි. න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය ජාතික සංවර්ධන ඉලක්ක ජයගැනීමෙහිලා ප්‍රමුඛ දායකත්වයක් සපයනු ඇති බැවින්, ඉදිරි වර්ෂ වලදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ කාර්යභාරය තව දුරටත් පුළුල් කිරීමට  අපි  කටයුතු  කරන්නෙමු.

 

අධ්‍යක්ෂ ජනරාල්තුමා ගැන බිඳක්..

ටී.එම්.ආර්. තෙන්නකෝන් මහතා  2019 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි.

1987 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.Sc භෞතික විද්‍යාව- විශේෂ, දෙවන පන්තියේ ඉහළ උපාධිය ලබා ගැනීමෙන් පසුව තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ පුර්වගාමී ආයතනය වූ  පරමාණුක බලශක්ති අධිකාරියේ විද්‍යාත්මක නිලධාරියෙකු ලෙස සම්බන්ධ විය. පසුව ඔහු පිලිවෙලින් ජ්‍යෙෂ්ඨ විද්‍යාත්මක නිලධාරි, නිර්විනාශක පරීක්ෂණ අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ (NCNDT) අධ්‍යක්ෂක යන තනතුරු සඳහා උසස් වීම් ලැබීය. ඔහු පරමාණුක බලශක්ති අධිකාරියෙහි සේවය කරමින් සිටියදීම 1996 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් න්‍යෂ්ටික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය සහ 2011 වසරේදී  මොරටුව විශ්ව විද්‍යාලයෙන් ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාශූරී උපාධිය හිමිකරගන්නා ලදී.  එමෙන්ම ඔහු  ISO 9712  ප්‍රමිතියට අනුව විකිරණශිලි පරීක්ෂාව, අතිධ්වනි පරීක්ෂාව, චුම්බකිත අංශු පරීක්ෂාව, ද්‍රව විනිවිද යාමේ පරීක්ෂාව සහ සුළි ධාරා  පරීක්ෂාව යන සියලු පොදු නිර්විනාශක පරීක්ෂණ ක්‍රම උදෙසා තුන්වන මට්ටමේ පරීක්ෂකයෙකු ලෙස සහතික ලබා ඇත. ඔහු ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM)  ව්‍යාපෘති කළමනාකරණය  පිලිබඳ වෘතීය සංවර්ධන වැඩසටහන 2012 දී සාර්ථකව නිම කරන ලදී. ජාත්‍යන්තර විද්‍යාත්මක ප්‍රකාශන දෙකක් (02) සහ සම්මන්ත්‍රණ ඉදිරිපත් කිරීම් නවයක් (09) ප්‍රකාශයට පත් කරමින් ඔහු විද්‍යාත්මක ප්‍රජාවට දායක වී ඇත.

තෙන්නකෝන් මහතා නිර්විනාශක පරීක්ෂණ  ඇතුළු න්‍යෂ්ටික විද්‍යාව හා තාක්‍ෂණය සම්බන්ධයෙන්  IAEA / JICA / Koica  මගින් මෙහෙයවූ විදේශීය පුහුණු පාඨමාලා 35 කට අධික ප්‍රමාණයකට (රැස්වීම්, වැඩමුළු / සම්මන්ත්‍රණ / පුහුණු වැඩසටහන්) නිර්විනාශක පරීක්ෂණ ජාතික නියෝජිතයා ලෙස සහභාගී වී ඇත.

ඔහු නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයක් (NCNDT)  පිහිටුවීමේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ අතර එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන ලදී. වර්තමාන නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCNDT) නියමිත වේලාවට ස්ථාපිත කිරීම සඳහා ඔහු විශාල කැපවීමක් කළ අතර 2019 පෙබරවාරි මස අවසානය දක්වා එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරන ලදී.

තෙන්නකෝන් මහතා දක්ෂ බුද්ධිමත් සේවකයෙකි. ඔහු සියළුම රාජකාරි සඳහා  ඉහළ ඇප කැපවීමක් පවත්වා ගැනීමට අවශ්‍ය බව විශ්වාස කරයි. ඔහු දක්ෂයකු වන අතර නව සහ පවත්නා අභියෝග සඳහා නිරතුරුව සූදානම්ව සිටින අතර ඕනෑම සාර්ථකත්වයක් සඳහා පුද්ගලයෙකු පිටුපස අභියෝගයක් තිබිය යුතු බව පෞද්ගලිකව විශ්වාස කරන්නෙකි. ඔහුගේ  නව ව්‍යාපෘති ආරම්භ කිරීම හා ඉලක්ක සපුරා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හැකියාව කැපී පෙනේ. ඔහුගේ අවසාන ඉලක්කය වන්නේ න්‍යෂ්ටික විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයට උපරිම දායකත්වය ලබා දෙමින් ඔහුගේ දැනුම හා කුසලතා ඉහළ නැංවිය හැකි, ගතික හා වේගයෙන් වර්ධනය වන පරිසරයක අභියෝගාත්මක ස්ථානයක් සොයා ගැනීමයි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ හා  එහි පුර්වගාමී ආයතනය වූ  පරමාණුක බලශක්ති අධිකාරියෙහි වසර 33 ක අඛණ්ඩ, පිරිසිදු වෘත්තීය සේවා වාර්තාවක් තෙන්නකෝන් මහතා සතුය.