Trainings & Certification

විකිරණ සේවකයන් පුහුණු කිරීම

පුහුණුවේ නම

මූලික විකිරණ ආරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පුහුණු පාඨමාලාවකා සඳහාද වෛද්‍ය, කෘෂිකාර්මික, කාර්මික හා පර්යේෂණ පහසුකම්වල අයනීකරණ විකිරණ සමඟ වැඩ කරන සෑම පුද්ගලයෙකුටම අයනීකරණ විකිරණවලට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වළක්වා ගැනීමට / අවම කිරීමට විකිරණ ආරක්ෂණය පිළිබඳ මූලික දැනුමක් තිබිය යුතුය. මෙම පුහුණු වැඩසටහනේ පරමාර්ථය වන්නේ අයනීකරණ විකිරණ සමඟ වැඩ කරන හෝ වැඩ කිරීමට අපේක්‍ෂා කරන පුද්ගලයින්ට මූලික විකිරණ ආරක්ෂණ දැනුම ලබා දීමයි.

මෙම තෙදින පුහුණු පාඨමාලාව විකිරණ ආරක්ෂණ ක්‍ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ක්ෂේත්‍රයේ මූලික දැනුමක් නොමැති අයවලුන්ට පවා සහභාගී විය හැකි පරිදිය.  එසේම, විකිරණ සේවකයන් හට  ඔවුන්ගේ දැනුම නැවුම් කර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් සලසා දෙයි..

පාඨමාලාවෙන් ආවරණය වන මාතෘකා වන්නේ,

 

  • විකිරණ පිලිබඳ හැඳින්වීම
  • විකිරණ මිනුම්
  • විකිරණවල සෞඛ්‍ය බලපෑම්
  • විකිරණ ආරක්ෂණය
  • විකිරණ ආරක්ෂණ උපකරණ තෝරා ගැනීම සහ හැසිරවීම