මහේෂිකා කල්පගේ මහත්මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ - සමස්ථානික ජල විද්‍යා

මහේෂිකා කල්පගේ මහත්මිය සමස්ථානික ජල විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරයි. කල්පගේ මහත්මිය පෙරදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම උපාධිදාරිනියකි. තවද ඇය අණුක හා ව්‍යවහාරික ක්ෂුද්‍රජීව විද්‍යාව සහ ශාක ආරක්ෂණය පිළිබඳ පෙරදෙනිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිනියකි. ඇය 2012 වර්ෂයේදී විද්‍යාත්මක නිලධාරිනියක් ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සේවයට බැඳුන අතර ආහාර හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ න්‍යෂ්ටික ශිල්පීය ක්‍රම උපයෝගී කර ගැනීමේ ලා  සේවය කළාය. ඇය 2019 වර්ෂයේදී  සමස්ථානික ජල විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා තනතුරට උසස් කරන ලදී. ඇය ජල විද්‍යාවේ සමස්ථානික ශිල්පීය ක්‍රම භාවිතා කිරීමට අදාල පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන අතර භූගත ජල සම්භවය, නැවත ආරෝපණයවීම, භූගත ජලයේ වයස නිර්ණය, ජලධර අන්තර්ක්‍රියා, භූගත ජල දූෂණය මෙන්ම ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ අධ්‍යයනයන් සඳහා සම්බන්ධ වේ.