- මුල් පිටුව
- අප ගැන
- දැක්ම සහ මෙහෙවර
- අරමුණු
- අපගේ ඉතිහාසය
- රේඛීය අමාත්‍යංශය
- සභාපතිතුමා
- කළමනාකරණ මණ්ඩලය
- අධ්‍යක්ෂක ජෙනරාල් තුමා
- අධ්‍යක්ෂකවරු
- නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු
- නියෝජ්‍ය අධ්යක්ෂ – ජෛව විද්‍යා
- නියෝජ්‍ය අධ්‍යක්ෂක - තොරතුරු තාක්ෂණ හා ප්‍රවර්ධන
- නියෝජ්‍ය අධ්යක්ෂ – තාක්ෂණික සංවර්ධන හා සේවා
- නියෝජ්‍ය අධ්යක්ෂ – සමස්ථානික ජල විද්‍යා
- නියෝජ්‍ය අධ්යක්ෂ – විකිරණ පිරිසැකසුම්
- නියෝජ්‍ය අධ්‍යක්ෂක- නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
- නියෝජ්‍ය අධ්යක්ෂ – පරිපාලන සහ මානව සම්පත්
- නියෝජ්‍ය අධ්යක්ෂ – මූල්‍ය
- රැකියා අවස්ථා
- අංශ
- අපගේ සේවාවන්
- අපගේ නිමැවුම්
- ක්‍රියාකාරකම්
- ප්‍රසම්පාදන
- තොරතුරු
- අන්තර්ජාල ගෙවීම් පෝරමය
- විමසීම්
2022 – 2023 වසර සඳහා වන කලාපීය සහයෝගීතා ගිවිසුමෙහි (Regional Cooperation Agreement) ඉදිරි සැලසුම
Home / 2022 – 2023 වසර සඳහා වන කලාපීය සහයෝගීතා ගිවිසුමෙහි (Regional Cooperation Agreement) ඉදිරි සැලසුම
කිසියම් රටක සංවර්ධනය සදහා ඒ ඒ රටවල් අතර සහයෝගීතාවය අත්‍යවශ්‍ය කරුණකි. කලාපීය සහයෝගීතා ගිවිසුම ( Regional Cooperation Agreement) යනු ආසියාවේ සහ පැසිෆික් කලාපයේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය උදෙසා ඇතිකරගත් රාජ්‍ය ගිවිසුමකි. න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සාමකාමිව භාවිත කිරීමේදී එක් එක් රටවල් හා ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සිය (International Atomic Energy Agency) සමග සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම කලාපීය සහයෝගීතා ගිවිසුම සම්මත කර ගැනීමේ මුලික අරමුණයි.
වර්තමානය වන විට RCA ගිවිසුම ආසියාවේ සහ පැසිෆික් කලාපයේ රටවල් 17 ක් අත්සන් කර ඇති අතර ඔස්ට්‍රේලියාව, බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, මොන්ගෝලියාව, මියන්මාරය, නවසීලන්තය, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පුරුව, තායිලන්තය හා ශ්‍රී ලංකාව ඒ අතර ප්‍රධානත්වයක් ගනී. RCA සමළුව වාර්ෂිකව ඉදිරි වසර සඳහා සැලසුම් සකස් කරන අතර 2022 – 2023 දක්වා කලාපීය සහයෝගීතාව මගින් ඉටුකිරීමට අනුමත කල වැදගත් යෝජනා වූ පහත පරිදි වේ.
- විගණනය හා වෛද්‍ය භෞතික විද්‍යාඥයින් (Medical Physicist) සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම තුලින් ආසියා පැසිෆික් කලාපයේ විකිරණ චිකිත්සාවේ ආරක්ෂාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.
- වඩා ඉහළ කාර්යසාධනයක් සහ යෙදුම් ප්‍රවර්ධනය සඳහා විකිරණ සැකසුම් පහසුකම් වල තත්ත්ව කළමනාකරණ භාවිතයන් වැඩි දියුණු කිරීම.
- කලාපීය රෝග නිවාරණ ප්‍රතිකාරවලදී විකිරණ චිකිත්සාව (radiotherapy in palliative care) ප්‍රමිතිකරණය කිරීම
- Hypo Fractionated විකිරණ චිකිත්සාවේ සායනික යෙදුම සවිබල ගැන්වීම.
- ඒකාබද්ධ සමස්ථානික ප්‍රවේශයන් භාවිත කරමින් ජල පෝෂක ප්‍රදේශ වල ජලයේ ගුණාත්මකභාවය සහ පාංශු ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා කෘෂි දුෂක තක්සේරු කිරීම සහ අවම කිරීම.
- ජල කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා ජල සමස්ථානික විශ්ලේෂණය කිරීම, කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම, ආසියා පැසිෆික් කලාපයේ දේශගුණික විපර්යාස බලපෑම් අවම කිරීම යනාදිය සිදු කිරීම.
- කර්මාන්ත වල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ පරීක්ෂණ වල කාර්යසාධනය සඳහා උසස් නිර්විනාශක ශිල්පීය ක්‍රම හා යෙදුම් වල කලාපීය හැකියාව වැඩි දියුණු කිරීම.
- ජල භාවිතය ප්‍රශස්ත කිරීම සඳහා සමස්ථානික ශිල්පීය ක්‍රම යොදාගනිමින් නියඟ තත්වයන් යටතේ බෝගවල ඵලදායිතාව ඉහල නැංවීම.
ඉහත ක්‍රියාකාරකම් ඇසුරින් පෙර වර්ෂවල මෙන්ම කලාපීය සහයෝගීතාව විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමට සියලු සාමාජික රටවල් එකඟ විය. මෙම වැඩපිළිවෙල කලාපීය මට්ටමින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද වැදගත් ප්‍රතිඵල අත් කරදෙනු නොඅනුමානය.