RADI-Count කට්ටලය මගින් සිදු කල හැකි නිරූපණ සහ අත්හදා බැලීම් මොනවාද?

පහත දැක්වෙන අත්හදා බැලීම් සහ නිරූපණ සඳහා RADI-Count කට්ටලය භාවිතා කළ හැකිය:

වැඩි දුර විස්තර සඳහා

අපගේ නිෂ්පාදන විශේෂඥවරයා අමතන්න
නිරෝධ රණසිංහ මහතා
විද්‍යාත්මක නිලධාරී
දුරකථන: 0112-533427/8 Ext: 251
විද්‍යුත් තැපෑල: nirodha@aeb.gov.lk

RADI-Count යනු කුමක්ද ?

RADI-Count යනු අධ්‍යාපනික නිරූපණයන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද න්‍යෂ්ටික අනාවරණ සහ මිනුම් උපකරණයකි. එය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ න්‍යෂ්ටික යන්ත්‍රෝපකරණ විද්‍යාගාරය (NIL) මගින් වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රථිපලයකි. එය රට තුළ මෙතෙක් නිපදවන ලද පළමු න්‍යෂ්ටික ඉලෙක්ට්‍රොනික උපකරණයයි. එය න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ අත්හදා බැලීම් ගණනාවක් සිදු කිරීම සඳහා තෘතියික හා උසස් අධ්‍යාපන ආයතන සඳහා සම්පූර්ණ අධ්‍යාපන මෙවලමක් ලෙස ඉදිරිපත් කෙරේ. එය ඩිජිටල් පරිමාණ ඒකකයක්,
ගයිගර් මුලර් අනාවරකයක්, ප්‍රභව කුටියක් සහ පරිගණක මෘදුකාංග මොඩියුලයකින් සමන්විත වේ. නිශ්චිත කාල සීමාවක් තුළ නියැදියකින් නිකුත්කරන විකිරණ ගණන මෙම පද්ධතියට ගණනය කළ හැකිය. සෑම උපාංගයක්ම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේහි පිළිගත් ද්විතීයික සම්මත මාත්‍රානු මිතික ක්‍රමාංකන විද්‍යාගාරයේ අඩු ශක්ති ගැමාකිරණ සඳහා ක්‍රමාංකනය කරනු ලැබේ. එබැවින් උපාංගය ISO / IEC ප්‍රමිතීන්ට අනුකූල වේ.

RADI-Count උපකරණයම තෝරාගත යුත්තේ ඇයි?

සාම්ප්‍රදායික සංඛ්‍යාංක ගයිගර් මුලර් ගණකයක් මෙන් නොව, RADI-Count යනු පරිශීලක-හිතකාමී ඩිජිටල් උපාංගයකි. ආනයනික පද්ධතිවලට වඩා එය සාපේක්ෂව මිලෙන් අඩු වන අතර අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පහසුය. ද්විතීයික ගණිතමය ගණනය කිරීම් නොමැතිව පහසු පරිශීලක අතුරුමුහුණත මගින් නම්‍යශීලී, ඉතා සරල මෙහෙයුම් ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි. ප්‍රායෝගික න්‍යෂ්ටික භෞතික විද්‍යාවට කෙරෙහි සිසුන් නැඹුරු කිරීම සඳහා, ජාත්‍යන්තරව සකස් කරන ලද නිරූපණ සහ අත්හදා බැලීම් මාලාවක් RADI-Count මගින් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය දේශීය ආයතනයක් බැවින්, අලෙවියෙන් පසු සේවාවන්, ක්‍රියාකරු පුහුණුව සහ ප්‍රවාහනය වේගවත්ව හා
ලාභදායීව ලබාගත හැක.