න්‍යෂ්ටික ශිල්පීය ක්‍රම භාවිතයෙන් සතුන් මඟින් සම්ප්‍රේෂණය වන රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම හා පැතිරීම වැලැක්වීම
න්‍යෂ්ටික ශිල්පීය ක්‍රම භාවිතයෙන් සතුන් මඟින් සම්ප්‍රේෂණය වන රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම හා පැතිරීම වැලැක්වීම
සතෙකුගෙන් හෝ කෘමියෙකුගෙන් මිනිසෙකු දක්වා සම්ප්‍රේෂණය වන රෝගයන් සතුන් මඟින් සම්ප්‍රේෂණය වන රෝග ලෙස හැඳින්වේ. වර්තමානයේ Covid – 19 වසංගතය මෙන් සෑම වසරකම බිලියන 2.6ක් පමණ ජනතාව සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන රෝග වලට ගොදුරු වේ. මෙම රෝග මගින් මිනිසාට වෛරස, බැක්ටීරියා, දිලීර හා පරපෝෂිතයන් ආදිය සම්ප්‍රේෂණය කරවීම සිදු වේ. මදුරුවන් හා කිනිතුල්ලන්ගෙන් පැතිරෙන රෝග, මෙම කාණ්ඩයේ බරපතලම රෝගයන් ලෙස පෙන්වා දිය හැකිය.
සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන රෝග සඳහා උදාහරණ කිහිපයක් ලෙස, කුරුළු උණ, ඩෙංගු උණ, ඉබෝලා, ඇන්ත්රැක්ස්, සාර්ස්, හෙපටයිටීස්, මැලේරියාව, ජලභීතිකාව, මී උණ, සූකර උණ යනාදිය දැක්විය හැකි අතර සතුන්ගෙන් බෝවන රෝග කෙටි කාලයක් තුළදී මිනිසාට මරණය පවා ළඟා කර දෙයි.
සතුන්ගෙන් මිනිසාට විවිධාකාරයෙන් රෝග සම්ප්‍රේෂණය වේ. උදාහරණ ලෙස වාතය මඟින්, විෂ සහිත මස් මාංශ අනුභව කිරීම මඟින්, ආසාධිත සතෙකු ස්පර්ශ කිරීමෙන් හෝ ආසාධිත සතෙකු ස්පර්ශ කළ දෙයක් මිනිසා විසින් ස්පර්ශ කරීම මඟින්, මදුරුවන්, කිනිතුල්ලන් වැනි සතුන් දෂ්ට කිරීමෙන් හෝ ආසාධිත සතුන්ගේ මළ මූත්‍ර සමඟ මිශ්‍ර වී ඇති ජලය පානය කිරීමෙන් යනාදිය දැක්විය හැකිය.
ගර්භනී කාන්තාවන්, වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්, වයස අවුරුදු 5 ට අඩු ළමුන්, HIV ආසාධිතයින්, අවම ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයින් යනාදී පිරිස් මෙම රෝගයන් සම්ප්‍රේෂණය වූ පසු දැඩි අවදානම් තත්වයකට පත්විය හැකිය.
සතුන් සුරතල් කිරීමෙන් පසු අත් සබන් ගා සේදීම, සත්ව මළ මූත්‍ර, වමනය ස්පර්ශයට නොයාම, සතුන් සෑම විටම නිරෝගිමත්ව තබා ගැනීම හා නිසි වයසට එන්නත් ලබා දීම, ආසාධිත සතුන්ට ප්‍රතිකාර කිරීමට පෙර අත් වැසුම් භාවිත කිරීම, සත්වෝද්‍යාන හෝ වීදි සතුන්ගෙන් ප්‍රවේශම් වීම හා ඔවුන් සුරතල් කිරීමට නොයාම යනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අවබෝධ කර ගෙන ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමෙන් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකීමට අපට හැකි වේ.
අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික ව්‍යුත්පන්න ශිල්පීය ක්‍රම භාවිතය මඟින් රෝග කාරක සතුන්ගෙන්, මිනිසුන් වෙතට රෝග සම්ප්‍රේෂණය පාලනය කර බෝවීම අවම කළ හැකි බවයි.එමෙන්ම, ක්රමානුකූල හා ඒකාබද්ධ ප්‍රවේශයක් භාවිත කරමින්, එවැනි රෝග පැතිරීම පිළිබඳව ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට සහ කාලෝචිත ලෙස ප්‍රතිචාර දැක්වීමට සාමාජික රටවල් වලට සහාය දීමද එම ආයතයේ එක් අරමුණක් වේ. ඒ අනුව යමින් වත්මන් COVID 19 වසංගත තත්වය තුලදී, COVID 19 රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය කරනPCR යන්ත්‍ර කිහිපයක්ම ශ්‍රී ලංකාව වෙත IAEA මගින් ලබා දෙන ලදී. තවද සිය සාමාජික රටවල් වල සහාය ඇතිව සමස්ථානික ශිල්පීය දැනුම උපයෝගී කර ගනිමින් සතුන් මඟින් සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව පර්යේෂණ කටයුතු කිරීම ඉතා සාර්ථකව සිදු කරගෙන යනු ලබයි.
න්‍යෂ්ටික ව්‍යුත්පන්න ශිල්පීය ක්‍රම යනු සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම, වැළැක්වීම හා හඳුනා ගැනීමට භාවිත කළ හැකි න්‍යෂ්ටික ක්‍රමවේදයන් ය. සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන රෝග විනිශ්චය සඳහා න්‍යෂ්ටික ක්‍රමශිල්ප භාවිත කරමින් වර්තමානයේ ජෛව තාක්ෂණික පර්යේෂණ සිදු කරයි. මෙකී ක්‍රම ශිල්ප ආසාදනයන් පැතිරීම අවම කිරීමට මෙන්ම, රෝග පිළිබඳව කල්තියා හඳුනා ගැනීමට ඉතා වැදගත් ය. වඩාත් පුළුල් ලෙස භාවිත කරන නිවැරදි රසායනාගාර රෝග විනිශ්චය පරීක්ෂණ වලින් එකක් ලෙස තත්‍ය කාලීන ප්‍රතිලෝම සම්ප්‍රේෂණය – පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව Real time reverse Transcription – Polymerase Chain Reaction (RT–PCR) යන්න හැඳින්විය හැකිය. මෙම න්‍යෂ්ටික ව්‍යුත්පන්න ක්‍රමය වෛරසයක් ශරීරයට ඇතුළු වූ පසු රෝග කාරකය පිලිබඳ නිශ්චය කර ගැනීම සඳහා භාවිතා කරයි. මෙහිදී රෝගකාරකගේ ජානමය ද්‍රව්‍යයක් ශරීරයට ඇතුළු වී තිබේද යන්න රෝගියෙකුගෙන් හෝ සතෙකුගෙන් ලබාගත් සාම්පලයක් මඟින් තීරණය කළ හැකිය.
සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන රෝග, මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝගී තත්වයන් හඳුනා ගැනීමට ද අපහසු වේ. විකිරණවේදය සහ න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ ශිල්පිය ක්‍රම මඟින් මෙම රෝගයන් ඉක්මනින් හා නිවැරදිව හඳුනා ගැනීමට මෙන්ම එය අධීක්ෂණය කිරීමටත්, එහි පැතිරීම පාලනය කිරීමටත් හැකි වේ.
එමෙන්ම, සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන රෝග නිර්ණය සඳහා වර්තමානයේ එන්සයිම, ප්‍රතිශක්තිකරණ හා අණුක ක්‍රම වලදී 75Se, 32P, 125I, සහ 35S වැනි සමස්ථානික ශිල්පීය ක්‍රම භාවිත කිරීම සිදු කරයි. කෘමින්ගෙන් සම්ප්‍රේෂණය වන බෝවන රෝග වැළැක්වීම, පාලනය කිරීම සහ වළක්වා ගැනීම සඳහා වඳ කෘමින් මුදා හැරීමේ ක්‍රමවේදය (Sterile Insects Technique-SIT) භාවිතා කරන අතර ඒ මගින් රෝග පතුරවන මදුරුවන් පාලනය කිරීම සිදු කෙරේ.
ඒ අනුව අද වන විට සතුන් මඟින් සම්ප්‍රේෂණය වන රෝග සඳහා න්‍යෂ්ටික ශිල්පිය ක්‍රම භාවිතය මඟින් රෝග හඳුනා ගැනීමට, ප්‍රතිකාර කිරීමට හා පැතිරීම වැලැක්විමට හැකි වීම ඉතා වැදගත් ය.