නිල්මිණි නීතාංගනී මහත්මිය, 2011 වසරේ සිට පරමාණුක ශක්ති අධිකාරියේ හා එහි අනුප්‍රාප්තික ආයතනය වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ පරිපාලන හා මානව සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කරනු ලබයි.
ඇය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දෙවන පෙළ ඉහළ වාණිජ වේදී (විශේෂ) උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1996 වසරේදී පරමාණුක ශක්ති අධිකාරියේ කළමනාකරණ අභ්‍යාසලාභී ලෙස සේවයට බැඳී ඇති අතර එහි පරිපාලන නිලධාරී IV ශ්‍රේණිය, III ශ්‍රේණිය හා II ශ්‍රේණිය දක්වා උසස්වීම් ලබාගෙන ඇත. ඇය දැනට නියෝජ්‍ය අධ්‍යක්ෂ, පරිපාලන හා මානව සම්පත් කළමනාකරණ තනතුර හොබවනු ලබයි.
ඇය, පරමාණුක ශක්ති අධිකාරියේ සේවය කරනු ලබන අතරතුර 2008 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පුර්ණ කර ඇත.
ඇය, පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, ප්‍රසම්පාදනය ආදී ක්ෂේත්‍රයන්හි කෙටිකාලීන දේශිය පුහුණු පාඨමාලා සඳහා සහභාගි වී ඇති අතර න්‍යෂ්ඨික තාක්ෂණ යෙදීම් කටයුතු වලට අදාල කළමනාකරණය පිළිබඳව සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව කෙටිකාලීන විදේශිය පුහුණු පාඨමාලා සඳහාද සහභාගි වී පුහුණුව ලබාගෙන ඇත.
නීතාංගනී මහත්මිය මේ වන විට පරමාණුක ශක්ති අධිකාරියේ හා එහි අනුප්‍රාප්තික ආයතනය වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වසර 24කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර ඇත.