සමුද්‍රීය පරිසර විකිරණශීලීතා අධීක්ෂණ වැඩසටහන

පසුගිය වසර හැත්තෑව තුළ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු හා සාගර, කෘතීම විකිරණශීලී  ද්‍රව්‍ය වලින්  අපවිත්‍ර වී තිබේ. 2011 මාර්තු මාසයේදී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ අනතුරෙන් පසු, විකිරණශීලී සමස්ථානික මගින් සිදුවන්  විකිරණශීලී දූෂණය විද්‍යාත්මක ප්‍රජාව සහ සමස්ත ජනතාව වෙත සැලකිය යුතු අනතුරු ඇඟවීමක් ඇති කර තිබේ. ඒ නිසා අනාගතයේදී කිසියම් විකිරණශීලී දූෂණයක් සිදුවුවහොත් එහි බලපෑම  සංසන්දනය කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාව අවට සමුද්‍ර විකිරණශීලීතාවයේ මූලික මට්ටම් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB), සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ සහයෝගයෙන් සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් සපයන ලද තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාව සඳහා සමුද්‍ර විකිරණශීලී දත්ත පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා අධීක්ෂණ වැඩසටහනක් දියත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ තෝරාගත් ස්ථානවලින් එකතු කරන ලද සාගර හා වෙරළබඩ අවසාදිතවල K-40, Ra-226, Th-232, Cs-137 සහ Cs-134  යන ස්වාභාවික හා කෘතිම විකිරණශීලීතා සාන්ද්‍රණයන් මගින් දැනට පවතින විකිරණශීලීතා මට්ටම තීරණය කර ඇත්තේ ජපානයේ සිදුවූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුරෙන් පසුවය.