විශ්වාසනීය නිර්විනාශක පරීක්ෂාවන්
ප්‍රතීතනයලත් විද්‍යාගාර මඟින් ලබාදෙන ලංකාවේ උසස්ම නිර්විනාශක පරීක්ෂණ පුහුණු වැඩසටහන්
සුරක්ෂිත හෙට දිනක් සඳහා තාක්ෂණයේ නව පිබිදීමක්
Previous
Next

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සතු නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිර්විනාශක පරීක්ෂණ සේවා සැපයුම්කරු වේ. මෙමඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශ වල කර්මාන්තයන් සඳහා නිර්විනාශක පරීක්ෂණ සහ පුහුණු සේවාවන් සපයන අතර වෑද්දුම් ශිල්පීන්ගේ සුදුසුකම් සහතික කරන සේවාවන් ද ලබාදේ.

තවද නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන්ගේ කුසලතා සහතික කරන මධ්‍යස්ථානය (CBNDT) සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ද නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මඟින් සිදු කරයි. 2014 වර්ෂයේ දී ජාතික මධ්‍යස්ථානයක් ලෙස අංක 977/18, බුළුගහ හන්දිය, නුවර පාර, කැළණිය යන ලිපිනයෙහි නවීන විද්‍යාගාර පහසුකම් සහිතව නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය පිහිටවනු ලැබුවේ රටට සපයන නිර්විනාශක පරීක්ෂණ සේවාවන් පුළුල් කිරීමේ මාහැඟි අරමුණ
පෙරදැරි කරගෙනය. 2014 අංක 40 දරන පරමාණුක බලශක්ති පනතේ 3 (අ) හා 3 (ඊ) යන ඡේදයන්හිmදක්වා ඇති අරමුණු මුදුන්පත් කරගැනීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. එනම්, 3 (අ) න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යොදාගැනීම් ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම සහ එම තාක්ෂණය උපයෝගී කරගෙන සේවා සැපයීම. 3 (ඊ) වාණිජ හෝ වෙනත් කාර්ය සඳහා අයනීකාරක විකිරණ සහ අනුපූරක තාක්ෂණ සම්බන්ධිත ක්‍රියාකාරකම් වල නිරත වීම. යම් ද්‍රව්‍යයකට හානි නොකරමින් හෝ එම ද්‍රව්‍යයේ ගතිලක්ෂණ වලට හානියක් නොවන පරිදි ද්‍රව්‍යයන්හි සිදුකරනු ලබන භෞතික පරීක්ෂාවන් නිර්විනාශක පරීක්ෂණ නමින් හදුන්වයි.

කර්මාන්ත ක්ෂේත්‍රයේදී නිෂ්පාදනවල ගුණාත්මක බව පරීක්ෂා කිරීමට එදිනෙදා සිදුකරන නිරන්තර පරීක්ෂා කිරීම් ලෙස මෙන්ම නඩත්තු හා සේවා කටයුතු වලදී ද නිර්විනාශක පරීක්ෂාවන් බහුලව සිදු කරනු ලැබේ. ඒ අනුව කර්මාන්ත වල කොටස් එකලස්කිරීම් වල සහ ව්‍යුහයන්හි තත්ත්වය සහතික කිරීමේ මෙවලමක් ලෙස නිර්විනාශක පරීක්ෂාවන් භාවිතා කෙරේ. මෙමඟින් පළුදු සහ දෝෂ මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකි අතර එමඟින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි අතරම ජීවිත හානි සහ යන්ත්‍ර වලට සිදු වන හානි ආදිය වලක්වා ගත හැකිය.