විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය

කවුරුන් සඳහා ද

විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කරන්නන්, අපද්‍රව්‍ය කළමනාකරණ ආයතන

සේවාවේ අරමුණ

 පුද්ගල ආරක්ෂාව සහ විකිරණශීලී ප්‍රභවයන්ගේ ආරක්ෂාව සහතික කිරීම

සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු

විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රභවය භාවිතා කරනු ලබන පරිශ්‍රය තුලදීම හෝ  හෝ SLAEB හි  භාවිතයෙන් ඉවත්කළ විකිරණශීලී ප්‍රභව මධ්‍යම ගබඩා (CDRSS) පරිශ්‍රය තුලදී ය. සාමාන්‍යයෙන් කෙටිකාලීන විකිරණශීලී ද්‍රව්‍ය වන අයඩින් -131, ටෙක්නීසියම් -99m සහ රෝහල්වලින් (න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරනු ලබන) පිටකරනු ලබන  අපජලය, අදාල ස්ථානයේදීම කළමනාකරණය කෙරේ. මෙම අපද්‍රව්‍ය ස්ථානීයව කළමනාකරණය කිරීම සඳහා ක්‍රමවේදයන් සහ පහසුකම් සැලසුම් කිරීම සඳහා විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශය තාක්ෂණික උපදේශන සේවා සපයයි. මේ හැරුණු විට, දිගුකාලීන විකිරණශීලී සමස්ථානික සඳහා, නැවත නිෂ්පාදිත රටට යැවීම තෙක් හෝ ආරක්ෂිතව බැහැර කරන තෙක් SLAEB හි  භාවිතයෙන් ඉවත්කළ විකිරණශීලී ප්‍රභව මධ්‍යම ගබඩාව  (CDRSS) තුල,  දිගු කාලීන / ස්ථිර ගබඩා පහසුකම් සපයයි.

එසේම, I සහ II කාණ්ඩයේ විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනයේදී CDRSS) තුල තාවකාලික ගබඩා පහසුකම් සපයා දෙනු ලැබේ.

ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය

විකිරණශීලී ද්‍රව්‍යයේ වර්ගය සහ ප්‍රමාණය (ආවරක ඇතුළුව) මත පදනම්ව සිදු කෙරේ. ප්‍රභාවයේ / විකිරණශීලී ද්‍රව්‍යයේ තත්වය මත පදනම්ව අමතර ගාස්තු අය කිරීමක් කළ හැකිය.

    Relevant Documents

    Contacts of Service Master

නිරාෂා රත්නවීර මිය
0112533427/428
දිගුව: 124
විද්‍යුත් තැපෑල: nirasha@aeb.gov.lk