භෞතික ආරක්ෂණ පද්ධති සැලසුම්කරණය හා සංස්ථාපනය

කවුරුන් සඳහා ද
අභ්‍යන්තර විකිරණශීලී ද්‍රව්‍ය සහිත විකිරණ පහසුකම්.
සේවාවේ අරමුණ
විකිරණශීලී ප්‍රභවයන්ගේ ආරක්ෂාව සහතික කිරීම.
විකිරණ ප්‍රභවයන් අනිසි ලෙස භාවිතා කිරීම, කඩාකප්පල් කාරි කියා සිදු කිරීම සහ සොරකම් කිරීමේ අවදානම අවම කිරීම,
සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු
න්‍යෂ්ටික ද්‍රව්‍ය යොදාගෙන සිදු කරනු ලබන කඩාකප්පල් කාරි / ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් හඳුනා ගැනීමේ හා එවන් ක්‍රියාකාරකමක් ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා භෞතික ආරක්ෂණ පද්ධති (PPS) ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම පද්ධති වල පරමාර්ථය වන්නේ පහසුකම තුළ සිදුවන අනවසර චලනයන් / ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සහ ප්‍රවේශ පාලනය සහ අවහිර කිරීම් මගින් අනිසි ක්‍රියාකාරකම් අවහිර කිරීමයි.
භෞතික ආරක්ෂණ පද්ධති (PPS) තුළ ප්‍රවේශ පාලන ජෛවමිතික පද්ධති, CCTV නිරීක්ෂණ, අනවසර ඇතුල්වීම් හඳුනාගැනීමේ පද්ධති සහ ඉංජිනේරු බාධක ඇතුළත් විය හැකිය.
ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය
කාර්යයේ සංකීර්ණත්වය හා විෂය පථය මත රඳා පවතී
Relevant Documents
Contacts of Service Master
නිරෝධ රණසිංහ මහතා
0112533427/428
දිගුව : 251
විද්‍යුත් තැපෑල: nirodha@aeb.gov.lk