න්‍යෂ්ටික උපකරණ සේවා සහ අලුත්වැඩියා කිරීම

කවුරුන් සඳහා ද

විකිරණ මිනුම් උපකරණ සහ අනුපූරක උපකරණ භාවිතා කරන්නන්.

සේවාවේ අරමුණ

අඩු වියදමකින් අළුත්වැඩියා සේවා සැපයීම තුළින් විකිරණ ආරක්ෂණ සංස්කෘතිය පවත්වා ගෙන යාම.

සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු

සාමාන්‍යයෙන්, ආනයනය කරන ලද න්‍යෂ්ටික / විකිරණ උපකරණවල දෝෂයක් ඇති වූ විට එය නැවත නිෂ්පාදකයා වෙත යැවිය යුතුය. මෙය මිල අධික ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවේ. විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයෙහි න්‍යෂ්ටික උපකරණ විද්‍යාගාරය (NIL) සතු පුළුල් අත්දැකීම් සහ නවීන පහසුකම් හේතුවෙන් බොහෝ උපකරණ වල  අළුත්වැඩියා හා සේවා සිදු කිරීමේ හැකියාව ඇත.

මෙම විද්‍යාගාර සේවාව මගින් න්‍යෂ්ටික හා විකිරණ යෙදුම් ආශ්‍රිත න්‍යෂ්ටික / විකිරණ මිනුම් උපකරණ, විකිරණ අනාවරක  සහ අනුපූරක විද්‍යුත් උපකරණයන්හි  දෘඩාංග වල අදාළ අළුත්වැඩියා කිරීම්, ප්‍රතිස්ථාපන හා  සංස්ථාපනය කිරීම් සිදු කරනු ලබයි.

ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය

අළුත්වැඩියා කිරීමේ පිරිවැය අදාල කාර්යයේ ප්‍රමාණය  සහ අමතර කොටස් වල මිල මත රඳා පවතී. අළුත්වැඩියා හා සේවා සිදු කිරීම සඳහා භාරගත්  පසු දෝෂ විනිශ්චය සඳහා  රුපියල් 1,000 ක් අය කෙරේ.

    Relevant Documents

    Contacts of Service Master

නිරෝධ රණසිංහ මහතා
0112533427/428
දිගුව : 251
විද්‍යුත් තැපෑල:nirodha@aeb.gov.lk