උපකරණ හා ක්‍රමවේද සැලසුම්කරණය හා සංවර්ධනය

කවුරුන් සඳහා ද

පාසල්, විශ්ව විද්‍යාල, ආරක්ෂක අංශ නිලධාරීන්

සේවාවේ අරමුණ

අධ්‍යාපන සහ ආරක්ෂක අංශ සඳහා අයනීකරණ විකිරණ මැනීම සහ හඳුනා ගැනීම පහසු කිරීම.

සේවාව පිළිබඳ තාක්ෂණික තොරතුරු

අතේ ගෙන යා හැකි විකිරණ මාත්‍රා මිණුම් උපකරණ, ගැමා විකිරණ අනාවරක, ගයිගර් මුලර් ගණක සහ ඉලෙක්ට්‍රොනික වලාකුළු කුටීර වැනි විකිරණ මිනුම් සහ හඳුනාගැනීමේ උපකරණ, අධ්‍යාපනය ලබන දුවාදරුවන්ට හා ආරක්ෂක අංශ නිලධාරින් සඳහා ලාභදායීව හා කාර්යක්ෂමව, දේශීයව සැලසුම් කර නිෂ්පාදනය කරනු ලැබේ. මෙම උපකරණ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව SLAEB හි විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයේදී දේශීයව නිර්මාණය කර නිෂ්පාදනය කරනු ලැබේ.

ගාස්තු / පිරිවැය තක්සේරු කිරීමේ ක්‍රියාවලිය

සැලසුම සහ අවශ්‍ය කරන මිණුම් පරාසය සහ නිවැරදිතා මට්ටම මත රඳා පවතී. මෙම උපකරණ ඒ හා සමාන තරඟකාරී විදේශීය නිෂ්පාදනවලට වඩා බෙහෙවින් ලාභදායී වේ.

    Relevant Documents

    Contacts of Service Master

නිරෝධ රණසිංහ මහතා
0112533427/428
දිගුව : 251
විද්‍යුත් තැපෑල: nirodha@aeb.gov.lk