අපගේ අනු අංශ

    වැඩිදුර තොරතුරු හා විමසීම්

  • තනතුරඅධ්‍යක්ෂක - කර්මාන්ත යෙදවුම්
  • නම ආචාර්ය විරාජ් එදිරිසිංහ මහතා
  • දුරකථන අංකය 941-120-75233
  • ජංගම දුරකථන අංකය947-181-11651
  • විද්‍යුත් ලිපිනය viraj@aeb.gov.lk

කර්මාන්ත යෙදවුම් අංශය

ජලයේ රහස් අනාවරණය කිරීමේ මෙවලමක්
එදිනෙදා ජීවිතය සඳහා ද්‍රව්‍යයන්හි තත්වය ඉහළ නැංවීම හා ගතිලක්ෂණ වැඩිදියුණු කිරීම
සෑම ජල බිඳුවකින්ම වැඩි අස්වැන්නක්
න්‍යෂ්ටික දැනුම ප්‍රවර්ධනය
Previous
Next

න්‍යෂ්ටික, සමස්ථානික සහ අනෙකුත් අනුපූරක තාක්ෂණයන්, ජල, කෘෂිකාර්මික, පාරිසරික හා කර්මාන්ත යන අංශයන්හි පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යොදවා ගැනීම කර්මාන්ත යෙදවුම් අංශය මගින් සිදු කරනු ලබයි.  එමෙන්ම රටේ අනෙකුත් පර්යේෂණ ආයතන, සංවිධාන හා අනෙකුත් පාර්ශවකරුවන් වෙත මෙකී තාක්ෂණයන් ලබා දීම, උපදේශනය  මෙන්ම විශ්ලේෂණ සේවාවන් සැපයීමද සිදු කරනු ලැබේ.

කෘෂිකාර්මික ජල කළමනාකරණය පිළිබඳ සිය කටයුතු පුළුල් කිරීම අරමුණු කරගෙන නව විද්‍යාත්මක ඒකකයක් “පාරිසරික සමස්ථානික ඒකකය” නමින් ඇති කිරීමට මෙම අංශය කටයතු කරගෙන යනු ලැබේ. මෙම අංශය මගින් වෙනම ඒකකයක් මගින්  ක්‍රියාත්මක කරනු ලබන  “පාසල් අධ්‍යාපන වැඩසටහන” හරහා න්‍යෂ්ටික දැනුම ව්‍යාප්ත කිරීමේ කටයුතු  සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ.

අංශයේ අනු අංශ වල කාර්‍යභාරයන්

අනු අංශය කාර්‍යභාරය
සමස්ථානික ජලවිද්‍යා
ජල සම්පත් ආරක්ෂා කිරීම හා තිරසාර කළමනාකරණය සහ වේලි හා ජලාශවල තිරසාරභාවය සඳහා සහාය වීම
විකිරණ පිරිසැකසුම්
කාර්මික, කෘෂිකාර්මික, සෞඛ්‍ය, පරිසරය සහ පුරාවිද්‍යාත්මක අවශ්‍යතාවයන් සඳහා විකිරණ තාක්ෂණය භාවිතා කරමින් ද්‍රව්‍යමය ගුණ වැඩි දියුණු කිරීම
පාරිසරික සමස්ථානික ඒකකය (යෝජිත)
කාර්මික, කෘෂිකාර්මික, සෞඛ්‍ය, පරිසරය සහ පුරාවිද්‍යාත්මක අවශ්‍යතාවයන් සඳහා විකිරණ තාක්ෂණය භාවිතා කරමින් ද්‍රව්‍යමය ගුණ වැඩි දියුණු කිරීම
පාසැල් අධ්‍යාපන ඒකකය (යෝජිත)
න්‍යෂ්ටික තාක්‍ෂණය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම