- මුල් පිටුව
- අප ගැන
- දැක්ම සහ මෙහෙවර
- අරමුණු
- අපගේ ඉතිහාසය
- රේඛීය අමාත්‍යංශය
- සභාපතිතුමා
- කළමනාකරණ මණ්ඩලය
- අධ්‍යක්ෂක ජෙනරාල් තුමා
- අධ්‍යක්ෂකවරු
- නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු
- නියෝජ්‍ය අධ්යක්ෂ – ජෛව විද්‍යා
- නියෝජ්‍ය අධ්‍යක්ෂක - තොරතුරු තාක්ෂණ හා ප්‍රවර්ධන
- නියෝජ්‍ය අධ්යක්ෂ – තාක්ෂණික සංවර්ධන හා සේවා
- නියෝජ්‍ය අධ්යක්ෂ – සමස්ථානික ජල විද්‍යා
- නියෝජ්‍ය අධ්යක්ෂ – විකිරණ පිරිසැකසුම්
- නියෝජ්‍ය අධ්‍යක්ෂක- නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
- නියෝජ්‍ය අධ්යක්ෂ – පරිපාලන සහ මානව සම්පත්
- නියෝජ්‍ය අධ්යක්ෂ – මූල්‍ය
- රැකියා අවස්ථා
- අංශ
- අපගේ සේවාවන්
- අපගේ නිමැවුම්
- ක්‍රියාකාරකම්
- ප්‍රසම්පාදන
- තොරතුරු
- අන්තර්ජාල ගෙවීම් පෝරමය
- විමසීම්
සභාපතිතුමා
Home / සභාපතිතුමා
ගරු සභාපති
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය
මහාචාර්ය S. R. D. රෝසා
ගරු සභාපතිතුමාගේ පණිවිඩය
"න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය මගින් ශ්‍රී ලාංකිකයින්ට වඩා හොද අනාගතයක් නිර්මාණය කිරීම."
න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් කැපවී සිටින ශ්‍රී ලංකාවේ එකම තාක්ෂණික සහාය ආයතනය ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, එවකට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය ලෙස 1969 දී පිහිටුවන ලද්දේ න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය තුළින් ජාතියේ තිරසාර සංවර්ධනය ලඟාකර ගැනීමේ අරමුණෙනි.
ජාතියේ තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා න්‍යෂ්ටික විද්‍යාවේ හා තාක්ෂණයේ කාර්යභාරය පෝෂණය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය නිබඳවම කටයුතු කරයි. ආහාර, සෞඛ්‍ය, බලශක්ති, පාරිසරික සහ කර්මාන්ත යන ක්ෂේත්‍රයන්ට අදාළ අභියෝගයන්ට මුහුණ දීම උදෙසා දැනුම දියුණු කිරීම , යාවත්කාලීන කිරීම හා යොදවා ගැනීම මෙයට ඇතුලත් වේ. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය රටේ විද්‍යාත්මක ආයතන සමග එක්ව, මානව වර්ගයාගේ යහපැවැත්ම සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය ඉටු කරයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නව මංපෙත් අපි විවර කර දුන්නෙමු. අපගේ ප්‍රධාන ජයග්‍රහණ අතර ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය පිහිටුවීම, නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය පිහිටුවීම, දේශීයව විකිරණ අනාවරක නිෂ්පාදනය කිරීම සහ අඩ සියවසක පමණ කාලයක් තුළ න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂාවට මුල් තැනක් දුන් සංස්කෘතියක් ස්ථාපිත කිරීම මෙයට ඇතුළත් වේ. අපගේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්, රටේ ප්‍රධාන ගැටලු විසදීම උදෙසා විකිරණ තාක්ෂණයන් දේශියකරණයට මං පෑදීය.
සමාජ ආර්ථික සංක්‍රාන්තියක් සිදුවන වත්මනේ, න්‍යෂ්ටික තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා වන රජයේ උපාය මර්ගයන්ට අනුකුලව නව තාක්ෂණික දිශානතීන් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය අරමුණු කර ඇත. ඒ අනූව වෛද්‍ය සයික්ලෝන යන්ත්‍රයක් හා එක්ස් කිරණ ප්‍රවිකිරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම උදෙසා මූලික පියවර ආයතනය විසින් ගෙන තිබේ.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, රටේ න්‍යෂ්ටික හා විකිරණශීලි යෙදීම් වල ආරක්ෂාව සහ සුරක්ෂිතතාවයට ප්‍රමුඛතාවය ලබා දෙයි. රටේ අදාළ පහසුකම් වල සහ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්වල විකිරණ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සහතික කිරීමට අපි නිබඳවම කටයුතු කරන්නෙමු. කළමනාකරණ හා පර්යේෂණ කටයුතු වල පාරදෘශ්‍යභාවය වැඩිදියුණු කිරීමට අපි කටයුතු කරන්නෙමු. ක්‍රියාශීලී සන්නිවේදනය මගින් රටේ ජනතාවගේ විස්වාසය හා ආදරය දිනා ගැනීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
පසුගිය පනස් වසර මුළුල්ලේ ජාතික සංවර්ධනයට දායක වූ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජනතාවගේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට අපි උත්සාහ දරන්නෙමු. එය නව ප්‍රමිතීන් සකස් කරමින්, විකිරණ ආරක්ෂාව, සුරක්ෂිතතාවය හා මිනිස් ජීවිත කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලින් උපරිම ප්‍රතිඵල ලබා ගනු ඇත. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ කාර්ය මණ්ඩලය න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය; ආරක්‍ෂිතව හා විශ්වාසදායක ලෙස දියුණු කිරීම උදෙසා ඇප කැප වී කටයුතු කිරීම වඩා යහපත් හෙට දවසක පෙරමග ලකුණකි.