- මුල් පිටුව
- අප ගැන
- දැක්ම සහ මෙහෙවර
- අරමුණු
- අපගේ ඉතිහාසය
- රේඛීය අමාත්‍යංශය
- සභාපතිතුමා
- කළමනාකරණ මණ්ඩලය
- අධ්‍යක්ෂක ජෙනරාල් තුමා
- අධ්‍යක්ෂකවරු
- නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු
- නියෝජ්‍ය අධ්‍යක්ෂ – ජෛව විද්‍යා
- නියෝජ්‍ය අධ්‍යක්ෂක - තොරතුරු තාක්ෂණ හා ප්‍රවර්ධන
- නියෝජ්‍ය අධ්‍යක්ෂ – තාක්ෂණික සංවර්ධන හා සේවා
- නියෝජ්‍ය අධ්‍යක්ෂ – සමස්ථානික ජල විද්‍යා
- නියෝජ්‍ය අධ්‍යක්ෂ – විකිරණ පිරිසැකසුම්
- නියෝජ්‍ය අධ්‍යක්ෂක- නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
- නියෝජ්‍ය අධ්‍යක්ෂ – පරිපාලන සහ මානව සම්පත්
- නියෝජ්‍ය අධ්‍යක්ෂ – මූල්‍ය
- රැකියා අවස්ථා
- අංශ
- අපගේ සේවාවන්
- අපගේ නිමැවුම්
- ක්‍රියාකාරකම්
- ප්‍රසම්පාදන
- තොරතුරු
- අන්තර්ජාල ගෙවීම් පෝරමය
- විමසීම්
නියෝජ්‍ය අධ්‍යක්ෂක – නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
Home / නියෝජ්‍ය අධ්‍යක්ෂක – නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
චන්දන සෙනවිරත්න මහතා
වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ -නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන සෙනෙවිරත්න මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සේවයට බැඳී, නිර්විනාශක පරීක්ෂණ (Non- Destructive Testing) සුපරීක්ෂාව සහ නිර්විනාශක පරීක්ෂණ පුහුණුව ආදී ආයතනය ට අදාල විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් ලබාගෙන රටේ සමාජ ආර්ථික සංවර්ධනය ට දායක වන ශ්‍රී ලංකා වාසීන්ගේ තාක්ෂණික නිපුනණතා වර්ධනය ට ඉවහල් වන ඉහල ඉල්ලුමක් ඇති යෝජනා රාශියක් හඳුන්වා දී ඇත.
ඔහුගේ පළපුරුද්ද හා කාර්මික දැනුම මත ලෝකයේ විශාලතම තෙල් පිරිපහදු සමාගමක් වන සවුදි අරාබියේ SAMREF ආයතනයේ ක්ෂේත්‍ර පරීක්ෂකවරයෙකු වශයෙන් වසර දෙක හමාරක කාලයක් සේවය කළේය. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහුගේ වටිනා පළපුරුද්ද හා දැනුම සමග නැවත වරක් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සේවයට එක් විය.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් න්‍යෂ්ඨික විද්‍යාව, පාරිසරික භෞතික විද්‍යාව හා කාර්මික රසායන විද්‍යාව ආදී විෂයයන් ඇතුලත් ගණිත හා රසායන විද්‍යා ධාරාවෙන් ප්‍රථම උපාධිය ලබාගත් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් විද්‍යාවේදී පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. ඊට අමතරව ඔහු වැඩ සටහන් සම්පාදනය (programming) හා යුහු යෙදවුම් සංවර්ධනය (rapid application development) ඇතුලත් උපාධි මට්ටමේ පුහුණුව සාර්ථකව හදාරා අවසන් කර ඇත.
සෙනෙවිරත්න මහතා උපධාරණය හා අවබෝධය මත තම ආචාර ධර්ම සකසා ගෙන, තම දැනුම හා පළපුරුද්ද කැමැත්තෙන් ම ඔහුගේ සේවය බලාපොරොත්තු වන්නන්ට ලබා දීම මගින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට විශාල වත්කමක් ලබා දෙන පුද්ගලයෙකි.
සෙනෙවිරත්න මහතාගේ ම අදහසක් ලෙස ආරම්භ කරන ලද “පෑස්සුම් සහතිකකරණය ලබාදීමේ පහසුකම” දේශිය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද සේවා සැපයිය හැකි මට්ටමේ උපරිම දැනුම හා පළපුරුද්ද සහිත පෑස්සුම්කරුවන් බිහි කරවිය හැකි වැඩ සටහනකි.
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ඨික බලශක්ති වැඩ සටහන සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් ප්‍රකාශිත විසඳිය යුතු ප්‍රශ්න 19 න් එකක් වන දේශීය කාර්මික මැදිහත් වීමේ අවශ්‍යතාව සඳහා වන කණ්ඩායමේ (localization assessment team) නායකයා ලෙස සෙනෙවිරත්න මහතා සේවය සේවය කරමින් සිටි.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන, ආයතන කළමණාකාරිත්වය විසින් පැසසුමට ලක් කර ඇති වැඩ සටහන් රාශියක් සෙනෙවිරත්න මහතාගේ යෝජනා මත පදනම්වී ඇත.
- කාර්මික හා නාවික ක්ෂේත්‍රය සදහා “SL Class” ආරම්භ කර ඒ මගින් විදේශ ආයතන සඳහා ගෙවන කතෘභාග ගාස්තු ඉතිරිකරගෙන එම මුදල් ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සදහා යෙදවීම.
- ශ්‍රී ලංකාව තුළ කාලානුරූප පරීක්ෂණ හා දත්ත යොමු කිරීම් පද්ධති (periodic inspection and data tracking system) හඳුන්වා දීම මගින් බොයිලේරු හා අධි පීඩන උපාංග ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
- “නිර්විනාශක පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව” (SLQF) මත පදනම් වූ ඩිප්ලෝමා මට්ටමේ සුදුසුකමක් හඳුන්වා දීම මගින් ශ්‍රී ලාංකික යෞවනයින්ගේ කාර්මික නිපුණතා සංවර්ධනය තුලින් දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා ඇතිකිරීම.
සෙනෙවිරත්න මහතා තම වගකීම් ඉතා ඉහල මට්ටමකින් ඉටු කරන අතර ඕනෑම ගැටළුවක් නිරවුල්ව තේරුම් ගැනීමට සහජ හැකියාවක් ඇති කෙනෙකි. ඔහු ඉතා අගය කළ යුතු සදාචාරාත්මක චරිතයක් සහිත පුද්ගලයෙකි.