ප්‍රියංග රත්නායක මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ හා ප්‍රවර්ධන

නියෝජ්‍ය අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ හා ප්‍රවර්ධන ලෙස කටයුතු කරන ප්‍රියංග රත්නායක මහතා  න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යෙදීම් ප්‍රවර්ධනය කිරීමෙහිලා දශකයකට ආසන්න අත්දැකීම් ඇති නිලධාරියෙකි. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයෙන් ආහාර හා පෝෂණය විශේෂවේදී උපාධිය ලබාගත් ඔහු පේරාදෙණිය විශ්විද්‍යාලයෙන් ආපදා කළමනාකරණය පිලිබඳ විද්‍යාපති උපාධිය හිමිකරගෙන ඇත.

වර්ෂ 2012 දී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ විද්‍යාත්මක නිලධාරියෙකු ලෙස පත් වූ රත්නායක මහතා ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය පිහිටුවීමෙහිලා සහ එහි සේවා ප්‍රවර්ධනයෙහිලා  ඉමහත් දායකත්වයක් සැපයීය. ආහාර ප්‍රවිකිරණය පිළිබඳව පර්යේෂණ රාශියක් සිදුකර ඇති ඒ මහතා ඒ අළලා පර්යේෂණ පත්‍රිකා රාශියක් පළකර ඇති අතර  උපාධි අපේක්ෂකයන් රාශියකගේම පර්යේෂණ ව්‍යාපෘති අධීක්ෂණය කර ඇත. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් ක්‍රියාත්මක කල ප්‍රවර්ධන වැඩසටහන් රාශියකට දායක වී ඇති රත්නායක මහතා රට පුරා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා ගුරු පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට දායක වී ඇත.  ඔහු වර්ෂ 2019 දී නියෝජ්‍ය අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ හා ප්‍රවර්ධන තනතුරට උසස්වීම් ලැබීය. RAS 5087 “ඉලෙක්ට්‍රෝන කදම්භ හා X කිරණ යොදාගනිමින් ආහාර ප්‍රවිකිරණය මගින් ආහාරවල ආරක්‍ෂිතභාවය, සුරක්ෂිතතාවය හා වෙළඳාම දියුණු කිරීම” යන කලාපීය ව්‍යාපෘතියේ ජාතික සම්බන්ධීකාරක ලෙස එතුමා කටයුතු කරයි. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ “න්‍යෂ්ටික සඳෙස” විද්‍යුත් සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරන්නේද රත්නායක මහතාය. දැනට ආයතනය මගින් සිදු කරනු ලබන ප්‍රවර්ධන කටයුතු වල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නැංවීම උදෙසා නව ප්‍රදර්ශන උපාංග නිපදවීම, විද්‍යුත් පොත් ප්‍රකාශනය හා මාර්ගගත පාඨමාලා සංවර්ධනය කෙරෙහි සිය අවධානය යොමු කර ඇති ඒ මහතා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයන් යොදවා ගැනීම කෙරෙහිද කටයුතු කරයි.