Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
???? ????????
???? ??? ??? ???????
දෝශය
  • XML Parsing Error at 1:687. Error 9: Invalid character

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහසක් නිමැවුම් 2020 තරගයේදී රන් පදක්කමක් දිනාගනී ...!

This content is available only in English language.


1212

 ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කල “සහසක් නිමැවුම් 2020” නව නිර්මාණ තරඟය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ න්‍යෂ්ටික යන්ත්‍රෝපකරණ විද්‍යාගාරය විසින් ඉදිරිපත් කර තිබු විකිරණමිතික හා විකිරණ ආදර්ශන උපාංග කට්ටලය සඳහා රන් සම්මානයක් හිමි වී තිබේ.

විද්‍යාත්මක නිළධාරී නිරෝධ රණසිංහ සමග ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ, විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයේ, තාක්ෂණික කණ්ඩායම වසර 03ක පමණ කාලයක් තුල සිදු කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස එම කට්ටලය නිර්මාණය කර ඇත. මෙම කට්ටලය තුල පහත දක්වා ඇති විකිරණ මිනුම් සහ ආදර්ශන උපකරණ 03 අඩංගු වේ.

  • Radi Count නම් ගයිගර් මුලර් විකිරණ මාපක පර්යේෂණ උපකරණය
  • Radi Rate ගැමා කිරණ මාපකය
  • විද්යුත් වළා කුටීරය (Electric Cloud Chamber) නම් විකිරණ ආදර්ශන උපකරණය

 


1313

  මෙම උපාංග කට්ටලය විවෘත අංශයේ, භෞතික විද්‍යා කාණ්ඩය යටතේ “සහසක් නිමැවුම් 2020” තරඟයේදී රන් සම්මානය දිනාගෙන තිබේ. මේ වන විටත් මෙම උපාංග කට්ටලය උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන දුවා දරුවන්ගේ භාවිතය සඳහා උතුරු පළාතේ පාසැල් 21 කට ලබාදී ඇති අතර, අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය අනුව අනෙකුත් පාසැල් සඳහා ද එම කට්ටල ලබා දීමට කටයුතු කෙරෙමින් පවතී. 

දේශීයව නිපද වූ ප්‍රථම විකිරණ මාපක හා ආදර්ශන උපාංග කට්ටලය මෙය වන අතර විදෙස් රටවලින් ආනයනය කරන උපකරණ වලට සාපේක්ෂව ඉතා ලාභදායීව, ඉහළ ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදන කර ඇත. මෙම කට්ටලය නිර්මාණය කිරීම න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය පාසැල් සිසුන් තුල ප්‍රචලිත කිරීමට මනා පිටුවහලක් වී ඇත. මෙම උපාංග කට්ටලය පිලිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ. විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයෙන් ලබා ගත හැක. 

http://slic.gov.lk/sn20winners/  

 

E Services



???? ?? ??????????

E-Magazine