Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
???? ????????
???? ??? ??? ???????
දෝශය
  • XML Parsing Error at 1:687. Error 9: Invalid character

න්‍යෂ්ටික සුරක්ෂිතතාවය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ දායකත්වය…

This content is available only in English language.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම අංශයක් ලෙස විකිරණ ආරක්ෂණ සහ තාක්ෂණික සේවා අංශය පෙන්වා දිය හැකිය.විකිරණ ආරක්ෂාව සහ න්‍යෂ්ටික සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අවශ්‍ය වන විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා සැපයීම එම අංශයේ ප්‍රමුඛතම කාර්යයක් වේ.

න්‍යෂ්ටික සුරක්ෂිතතාවය (Nuclear Security) යනු වර්තමානය වන විට ගෝලීය වශයෙන් කතා බහට ලක්වූ ඉතා වැදගත් මාතෘකාවකි.විකිරණ ප්‍රභවයක් හෝ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් අනවසරයෙන් අයහපත් අරමුණක් සදහා භාවිත කිරීම වැලැක්වීම න්‍යෂ්ටික සුරක්ෂිතතාවයයේ මූලික අරමුණ වේ.විකිරණ ප්‍රභවයක් හෝ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් භාවිතකිරීමට හෝ ප්‍රවාහනයට බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය නියාමන අවශතාවකි.

අප රටතුළ විකිරණ ප්‍රභව වල සහ ඒවා භාවිතයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රාගාර ආදියේ ආරක්ෂාව තහවුරු කිරීම,නියාමන ක්‍රියාවලියෙන් බැහැරවූ විකිරණ ප්‍රභවයක් හෝ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් හදුනාගැනීම මෙන්ම එවන් අවස්ථාවක් හදුනාගත් විටක ප්‍රතිචාර දැක්වීම යන ක්‍රියාවලීන්එකතුවක් ලෙස න්‍යෂ්ටික සුරක්ෂිතතාවය හඳුන්වාදිය හැකිය. 

 න්‍යෂ්ටික සුරක්ෂිතාවය සඳහා කැපවෙන කණ්ඩායම් සඳහා දේශන හාප්‍රයෝගික ක්‍රියාකාරකම් තුළින් මනා දැනුමක් ලබා දීමට විකිරණ ආරක්ෂණ සහ තාක්ෂණික සේවා අංශයක්‍රියා කරන අතර එය මේ මොහොතේ රටට ඉතා වැදගත් සේවයක් වෙයි. මෙකී දැනුවත් කිරීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2020-08-24 දින මත්තේගොඩ හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එය ඉතා සාර්ථක වැඩමුළුවක් බව ඒ සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ නිලධාරින්ගේ අදහස විය. තවත් මෙවන් වැඩමුළු ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට විකිරණ ආරක්ෂණ සහ තාක්ෂණික සේවා අංශය සැලසුම් කර ඇති අතර එමගින් රට තුල න්‍යෂ්ටික සුරක්ෂිතාවය තහවුරු කිරීම සඳහා මනා පිටුවහලක් ලබා ගැනීම එම අංශයේ බලාපොරොත්තුවයි.

 

article web

 

E Services



???? ?? ??????????

E-Magazine