Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
???? ????????
???? ??? ??? ???????
දෝශය
  • XML Parsing Error at 1:687. Error 9: Invalid character

Latest News

This content is available only in English language.

Covid - 19 වසංගතය හමුවේ නොසැලී තම සේවාවන් සපයන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

 

front image

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරසය මනා ලෙස කළමනාකරණය කරමින් නැවත නැගී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවීම සුවිශාල ජයග්‍රහණයකි. මෙම වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශවලට නොයෙකුත් අයුරින් බාධා එල්ල වුවද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් සපයනු ලබන සේවාවන් ඉතා ඉහල මට්ටමකින් එලෙසින්ම සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.විශේෂයෙන්ම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අයත් ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය අඛණ්ඩව පැය විසි හතර තුලදීම ක්‍රියාත්මක වෙමින් දේශීය ශල්‍ය වෛද්‍ය උපකරණ ජීවානුහරණය කරනු ලබයි. තවද නිර්විනාශක පරීක්ෂණ මධ්‍යස්ථානය විසින් සිය පරීක්ෂණ තම සේවාවන් ඵලදායීව සපයනු ලබන අතර එමගින් රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආරක්ෂාකාරී ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට හැකි වී ඇත. එමෙන්ම අප විසින් සලසනු ලබන ආනයනික කිරිපිටි වල විකිරනශීලිතාවය පරීකෂා කිරීම වැනි සුවිශේෂී න්‍යෂ්ටික විශ්ලේෂණ සේවාවන් කිසිදු ප්‍රමාදයකින් තොරව පවත්වාගෙන යනු ලබන අතර එය අපගේ සේවාලාභී ව්‍යාපාරික ප්‍රජාවට මනා අස්වැසිල්ලක් වී ඇත. විකිරණ ආරක්ෂණය සඳහා වන ක්‍රියාමාර්ග නිසිලෙස ක්‍රියාත්මක වන අතර covid - 19 වසංගතය හමුවේ අපගේ ආයතනයේ ප්‍රමුඛ සේවාවන් කිසිදු බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙමු. 

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් කරන ලද ඉල්ලීමකට අනුව අන්තර්ජාතික  පරමාණුක බලශක්ති ශක්ති ඒජන්සිය (IAEA) වෙතින් මිලියන 21.5 ක පමණ වටිනාකමකින් යුත් කොරෝනා වෛරසය හදුනා ගැනීම සදහා යොදා ගත හැකි RT-PCR උපකරණ කට්ටල දෙකක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග ලෙස ලබා ගත හැකිවීමද ඉතා සතුටුදායක කරුණකි.

 

කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම හා උත්සාහය තුල රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අවනතව ආයතනයේ දෛනික සේවාවන් ඉතා ඵලදායි මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන්නේ සේවක ආරක්ෂාව සහ අපගේ සේවා ලාභීන්ගේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමිනි.

නව තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් අපගේ සේවාලාභීන්ට හා මහජනතාව වෙත තත්ත්වයෙන් උසස් සේවාවන් කාර්යක්ෂමව ලබාදීම සිදු කෙරෙමින් පවතී.

අවසන් යාවත්කාලීන කිරීම 2020 මැයි 22 වෙනි සිකුරාදා, 09:09  

E Services



???? ?? ??????????

E-Magazine