Sri Lanka Atomic Energy Board

Tamil-Sri LankaEnglish (United Kingdom)
Get sinhala unicode font  Get tamil unicode font
පිටු පෙළගැස්ම
නිතර අසන පැණ විමසීම්
මුල් පිටුව අපගේ සේවාවන් ජෛව විද්‍යා අංශය

ජෛව විද්‍යා අංශය

ජෛව විද්‍යා අංශය කාර්යක්ෂම හා ඵලදායි න්‍යෂ්ටික විශ්ලේශණ සේවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සපයා දෙමින් කෘෂිකාර්මික, සෞඛ්‍යය හා පාරිසරික  ක්ෂේත්‍ර වල න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීමට ආධාර දෙන මෙම අංශය, එමඟින් ශ්‍රි ලංකා‍වේ ආර්ථික සාමාජිය සංවර්ධනයට අවශ්‍ය සේවා  පාරිභෝගිකයන් හා මහජනතාව සෑහිමට පත් වන ආකාරයට ලබා දීමට කටයුතූ කරයි. ්‍රමෙම විද්‍යාගාර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනු කුල වු  ආදර්ශ විද්‍යාගාර වේ.

වැඩිදුර තොරතුරු සදහා :අංශ ප්‍රධාන : වජිර වඩුගේ මයාBSc (Peradeniya), MSc. (Colombo)දුරකථන :+94 11-2547677 (සෘජු)+94 11 2533427-8, 2533449 ෆැක්ස් : +94 11 2533448විද්‍යුත් තැපෑල  :  මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ කාර්යාලීය  :  මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

ජෛව විද්‍යාත්මක අංශයේ ප්‍රධාන කාර්යයන් :

  • පාරිසරික,  සෞඛ්‍ය,  වාණිජ හා  කෘෂිකාර්මිකක්ෂේත්‍ර  සදහා න්‍යෂ්ටික විශ්ලේෂණ  සේවා- මෙම අංශයේ විශේෂ අරමුණ වනුයේ න්‍යෂ්ටික විශ්ලේෂණ සේවා ලබා දීම පිණිස ආදර්ශ විද්‍යාගාර ලෙස ක්‍රියා කරමින් ශ්‍රි ලාංකීය ආනයන හා අපනයනකරුවන්, පර්යේෂකයන් හා අනෙකුත්  පාරිභෝගිකයන්  සදහා ප්‍රමිතියට අනුකූල න්‍යෂ්ටික විශ්ලේශණ සේවා  ලබා දීමයි.

  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායිතාව හා ගුණාත්මක බව වර්ධනය කිරිමට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීම- කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සදහා න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීම මඟින් ජාතික අවශ්‍යතාවන් සපුරා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ .

  • පාරිසරික හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතූ සඳහා න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීම -

න්‍යෂ්ටික විශ්ලේෂක පරීක්ෂා කිරීමේ ශක්‍යතා:

මෙම අංශය සතුව න්‍යෂ්ටික විශ්ලේශණ විද්‍යාගාර 03ක් ඇත.

  • ගැමා වර්ණාවලීක්ෂමිතිය සදහා විද්‍යාගාරය
  • ඇල්ෆා බීටා  වර්ණාවලීක්ෂමිතිය සදහා විද්‍යාගාරය
  • එක්ස් කිරණ ප්‍රතිදීප්තමිතික විද්‍යාගාරය

සමහර සමස්ථානික සඳහා වර්ණාවලීක්ෂමිතික විද්‍යාගාරය ප්‍රතීතන සහතිකය 2006 දී ලබා ගන්නා ලදි.2010 දී ප්‍රතිදීප්තමිතික විද්‍යාගාරය සඳහාත් සමහර විශ්ලේෂණ කාර්යයන් සිදු කිරීමට  ප්‍රතීතන සහතිකය ලැබුණි. මෙම විද්‍යාගාර ISO 17025 දරණ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ක්‍රියා කරයි.

ගැමා වර්ණාවලීක්ෂමිතිය සදහා විද්‍යාගාරය

ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් විකිරණශීලි මිනුමි සදහා දෙන ලද ISO 17025 ප්‍රමිතියට අනුකුලව ප්‍රතීතන සහතිකය ලද ශ්‍රි ලංකාවෙ පිහිටි එකම විද්‍යාගාරය  මෙයයි. ජාත්‍යයන්තර ප්‍රමිතීන්ට අනුකුලව ක්‍රමාංකනය කරන ලද උපකරණ යොදා ගනිමින්  කටයුතූ කරනු ලබන අතර වෘත්තීය නිපුනතාවයෙන් යුතූ පලපුරැදු පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විතව ඉලක්ක සපුරාලීමෙහිලා මෙම පර්යේෂණාගාරය සේවා ලබා දේ.

  • ප්‍රධානතම ක්‍රියාකාරකම්

    • ආහාර ද්‍රව්‍යවල(කිරිපිටි ඇතූලුව) හා කෘෂිකාර්මික නිෂ්පාදනවල(තේ, පොල් ආදිය) විකිරණශීලිතාවය මැනීම.
    • පාරිසරික විකිරණශීලිතා මැනීම.

එක්ස් කිරණ ප්‍රතිදීප්තමිතික විද්‍යාගාරය

මෙම විද්‍යාගාරයට EDXRF(Energy Dispersive X ray fluorescence) හා TXRF(Total Reflection XRF) යන ක්‍රමවේද යොදා ගනිමින් ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව මුලද්‍රව්‍ය විශ්ලේශණයට කටයුතූ කරනු ලබයි.

අඩු විකිරණශීලිතාවයෙන් යුත් ඇල්ෆා , බීටා විකිරණමිතික විද්‍යාගාරය

මෙම විද්‍යාගාරයේ ඇල්ෆා වර්ණාවලීක්ෂමිතික පද්ධතියක් හා බීටා වර්ණාවලීක්ෂ පද්ධතියක් ඇති අතර  මෙමගින් ඇල්ෆා,  බීටා විකිරණ නිකුත් කරන විකිරණශිලි ද්‍රව්‍ය ප්‍රමාණාත්මකව මැනීමේ හැකියාවෙන් යුක්ත වේ . මෙම විද්‍යාගාරයටද විශ්ලේශණ කාර්යයන් තහවුරු කිරීමට (ප්‍රතීතනය කිරීමට ) කටයුතූ කරගෙන යනු ලැබේ.

පළමුව ජලය හා ඊට සමාන සාමිපල වල දල ඇල්ෆා මිනුමි සිදු කිරීමත් ඊට පසුව අනෙකුත් සාමිපල සදහාද සේවා ලබා   දේ පාරිසරික විකිරණශිලිතාව පිළිබද මිනුමි සිදු කිරීමටත් මෙම විද්‍යාගාරය භාවිතා වේ.


සම්බන්ධීකරණ :අංශ ප්‍රධාන : වජිර වඩුගේ මයාBSc (Peradeniya),
විද්‍යුත් තැපෑල  : < මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ >
දුරකථන: 011 2547677 ,2533427-8

අවසන් යාවත්කාලීන කිරීම 2012 දෙසැම්බර් 29 වෙනි සෙනසුරාදා, 11:06